ගුරු වර්ජනය අඛණ්ඩව !

Published in පුවත්
Friday, 16 July 2021 11:54

ගුරුවරුන්ගේ ගැටලු විසදීමට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍යතාවක් නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවය. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය සදුදා දිනයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටීම හේතුවෙන් බොහෝ පාසල් ළමුන්ගේ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු නතර වී තිබේනවා.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර ලබාදෙන තුරු සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි. මේ අතර අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පසුගියදා පැවසුවේ ගුරු සංගම් ඔවුන්ට ඇති ගැටලු සාකච්ඡා කර විසඳාගත යුතු බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us