හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති චෝදනා 800ක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.

රජයේ සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස 101% ක් දක්වා ඉහළට ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවනි අදියරේ මීරිගම සිට පොතුහැර දක්වා කොටසේ ඉදිකිරීම් බලාපොරොත්තු වූ දිනට අවසන් කිරීමට නොහැකි වූයේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් ඉදිකිරීම් සමාගමකට ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත් ලබා දුන් නිසයි. එම කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල මන්දගාමීත්වය නිසා එහි ඵල විපාක අද ජනතාවට අත්විදින්න සිදුවෙලා. එම හිටපු කැබිනට් අමාත්‍යවරයාගේ ඉදිකිරීම් සමාගමට අයත් කොටසේ ඉදිකිරීම් තවමත් ඉබිගමනේ අනිත් කොටස්වල ඉදිකිරීම් 90% අවසන්  බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද(03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

රටෙහි වසංගත තත්ත්වයක් පවතින අතරේ අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේ දී ජනතාව දැනුවත් කරමින් ජිවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටුකරන සුවිශේෂී කාර්ය භාරය රජය හැම විටම අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

තිරිඟු ප්‍රවාහන පිරිවැය 50%කින්ද ඇසුරුම් ද්‍රව්‍ය මිල 20%කින්ද වැඩි වී ඇති හෙයින් තිරිඟු පිටි මිල වැඩි කළ යුතු බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේනවා.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවා වෙනුවෙන් සිදුකරන ගෙවීම් ඇමරිකානු ඩොලර්වලින් භාරගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබෙනවා. මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ විදේශ විනිමය පනත යටතේ ඇති බලතල උපයෝගී කරගනිමින් නිකුත් කර ඇත.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us