දැරිය කෙළෙසූ සියළුදෙනා පොලිස් දැලට ! මව හා නැන්දාත් රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 28 July 2021 09:46

නාවලපිටිය හරංගල ඉලූක්තැන්න ප‍්‍රදේශයේ වයස අවුරුදු 13 ක බාලවයස්කාර දැරියක වසර 7 ක් පුරා අපයෝජනය කිරීමට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් දසදෙනාම ඊයේ (27 දා) වනවිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඒ පිළිබඳව විමර්ශනය පැවැත්වූ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවැසීය.

මෙම සැකකරුවන් දසදෙනා සමඟ සිද්ධියට ආධාර අනුබල දුන් දැරියගේ මව හා නැන්දණිය සමග දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ අවසන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබියදී පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන්ගෙන් දෙදෙනකු සමග දැරියගේ මවද පසුගිය 25 දා අත්අඩංගුවට ගත් අතර නාවලපිටිය මහෙස්ත‍්‍රාත් නිලන්ත විමලසේන මහතා විසින් ඔවුන් අගෝස්තු මස 2 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

අවසන් සැකකරු මාවතුර, නයාපාන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙම සැකකරු ඊයේ නවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඉන්පසු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම දැරිය වයස අවුරුදු 6 සිට අසල නිවාසවල පදිංචිකරුවන්ගෙන් පාසල් සිසුන්ගෙන්, පියා ඇතුළු ඥාතීන්ගෙන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් අතවරයට ලක්ව ඇතැයි හෙළිවී ඇති අතර මොවුන් අවුරුදු 18 සිට 43 දක්වා වයසේ පුද්ගලයන් බව පොලිසිය පැවසීය.

අවසන් වරට 32 හැවිරිදි විවාහක එක්දරු පියෙකු විසින් මෙම දැරිය රැුගෙන ගොස් ගල්ගුහාවක දින කීපයක් තබා ගැනීමත් සමග සිද්ධිය නාවලපිටිය පොලිසිය වෙත වාර්තා වී ඇති අතර පොලිසිය මගින් දැරිය නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී මෙම දැරිය විශාල පිරිසක් අතින් දීර්ඝ කාලයක් තිස්සේ අපයෝජනයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. එම්. මහසෙන් මහතා විසින් හෙළි කිරීම නිසා මෙම සැකකරුවන් සොයා ගැනීමට හැකිවී තිබුණි.

මේ පිළිබඳව විමර්ශනයේදී මෙම ගම්මානය ඇතුළු ප‍්‍රදේශ රැුසක බාලවයස්කාර දැරියන් දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව ඇති බව අනාවරණය වීම නිසා නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා, අධිකරණ වෛiවරයා, ළමා හා කාන්තා අංශ ස්ථානාධිපතිනිය, ප‍්‍රදේශයේ විහාරාධිපති හිමිවරු ඇතුළු පිරිසකින් සමන්විත කමිටුවක් පත්කර දරුවන් ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමටද නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබේ.

අපයෝජනයට පත් දැරිය පසුගිය 7 දා රෝහල් ගත කළ අතර එදින සිට දින 20 ක් තුළදී සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබුණි.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, සහකාර පොලිස් අධිකාරි ඕ. පී. අමරබන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති හරේන්ද්‍ර

කළුගම්පිටිය, ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති කා.පො.ප. ලක්‍ෂානි නිවන්තිකා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරීක්‍ෂණ පැවැත්වූහ. ගම්පොල කොට්ඨාස ස්ථානීය පරීක්‍ෂණ භාර (සොකො) ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. චම්පික විමලරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දැරිය රැුගෙන ගිය ස්ථාන 10 ක් සොයාගෙන සාක්‍ෂි ගොනුකර තිබුණි.

-දිවයින

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us