වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව රනිල්ගේන් අදහසක් !

Published in පුවත්
Wednesday, 28 July 2021 11:51

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපි අලුත් යුගයක සිටින බව දැනගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

කිසිදු අවස්ථාවක පරණ දේශපාලනයෙන් ඉදිරියට යා නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා, ජාතිවාදී හා ආගම්වාදී දේශපාලනය ජනතාවට එපා වී ඇති බවත් සදහන් කර ඇත. වික්‍රමසිංහයන් මෙම අදහස් පල කලේ අන්තර්ජාලය ඔස්සේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා,

“අපිට ඇත්ත වශයෙන්ම වැඩසටහනක් තියෙනවා. අනාගතය ගැන අපි කතා කරන්නේ. එතැනින් මතයක් ඇති කරලා අපි එකතු වෙන්න ඕනේ. පරණ ක්‍රමයට ආපහු යන්න බෑ. පෙරමුණු ගැහුවා කියලා දිනන්නේ නෑ. ජනතාවට ඕනේ කොහොමද මෙතැනින් ගොඩ එන්නේ, ඒ ගොඩ එන්න වැඩසටහනක් තියෙනවා ද? දීර්ඝ කාලීනව ලංකාව ගැන මොකද්ද කරන්නේ කියලා දැනගන්න. මොකද විශේෂයෙන් ම අද ලංකාව වැටිලා තියෙන්නේ. අපි ඉපදුන කාලයේ ජපානය එක්ක හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක. පළමුවෙන්ම තියෙන්නේ කෙටි කාලීන සහන දෙන්න. අද කොරෝනා නිසා ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලීමෙන් විශාල හානියක් සිදුවෙලා තියෙනවා. අපි ආරම්භ කරන්න ඕනේ කොරෝනා පාලනය කරන වැඩසටහනක්. සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙන්න ඕනේ. එහෙනම් අනෙක් රටවල් කරනවා වගේ අපේ වෛද්‍ය උපදේශක කමිටුවක් හා ඒවා ක්‍රියාත්මක කරන පරිපාලන කමිටුවකුත් ඕනේ. මේවායේ තීරණය කැබිනට් මණ්ඩලය ගත යුතුයි. ඇමති මණ්ඩලය පැත්තකට දාලා වැඩ කරන්න බෑ. ඇමති මණ්ඩලය තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුවට කියලා. එතනදී අපි සියලුදෙනාම එකතු වෙලා වැඩ කරනවා. අන්න ඒ මාර්ගයෙන් තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ. අපිට අද විදේශ විනිමය නෑ එන්නත් ගන්න. 18 වැඩි හැමකෙනාටම අද එන්නත ලබාදෙන්න බෑ. අමාරු තත්ත්වයක තියෙනවා. අපිට පළවෙනියට කරන්න තියෙන්නේ විදේශ විනිමය ලබාගැනීම. ඒකට IMF ආයතනයට යන්න. එතනින් ලබාගත්තහම ඒ සහතිකය උඩ අනෙක් රටවල්වලින් අපට ණය ගන්න පුළුවන්. ඒ නිසා ණය අරගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගෙන පළමුවෙන්ම ජීවිත ආරම්භ කළ යුතුයි.“ යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us