දුමින්ද දිසානයක මහතාගෙ තිඹිරිගස්යාය නිවසේ මේවන විට ශ්‍රිලනිපයේ ජේෂ්ඨයන් ගනනාවක් පැමිණ ඔහුගෙ තීරණය වෙනස් කිරීම සඳහා දැඩි බලපෑමක් සිදු කරමින් තිබේ. ප්‍රබල ඇමැතිකම් හා ශ්‍රිලනීපයේ ප්‍රබල තනතුරු සහ මුදල් ගැනද සාකච්ඡා කරමින් මෙම පිරිස උණුසුම් සංවාදයක නියැලී සිටින බව දිසානායක මහතාගේ සමීපතමයන් පවසා සිටී.
සිරා මරා ගෝතකරුමෙන් ආර්ථිකය වලපල්ලට- වාණිජ මණ්ඩල ඒකාබද්ධ නිවේදනක්
දේශපාලන අවිනිශ්චිත බව රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් සියලු පක්ෂ එක්ව වත්මන් අර්බුදය විසඳාගන්නැයි වාණිජ මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
තිලංගට, ඩිලාන්ට , අමරවීරගෙන් ගුටි පූජාවක් ! සිරිසේන බකං නිලාගෙන සිටී..
අද උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප ජේෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡවක් අතර තුරදී මහින්ද අමරවීර විසින් තිලංග සුමතිපාලට හා ඩිලාන් පෙරේරාට අතින් පයින් පහර දි තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
කඩිනම් මහ මැතිවරණයක් වෙත යෑම සඳහා සිරා මරා බලු පූට්‍ටු සන්ධානය මේ වන විට තීන්දු කර තිබෙන අතර ඒ අනුව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ පොහොට්‍ටුව ලකුණින් විය යුතු බව බැසිල් රාජපක්ෂ දැඩි ලෙස බලපෑම කරමින් තිබෙන බව වාර්තා වේ.
දෙන්නම් කාසි වලට දුන් ඇමැතිකම් යළි අත්හරින ලකුණු. බැසිල් දුන් ලණුව දැන් දිරවගනන් බැහැයි ලු
මහින්ද රාජපක්ෂගේ නායකත්වය පිළි ගනිමින් ඔහුගේ ආණ්ඩුවේ ඇමැතිකම් බාර ගත් එජාපයේ මන්ත්‍රීවරු තිදෙනෙකු යළි ඇමැතිකම් අත් හැර දැමීමේ සුදානමක පසුවේ.
විදේශ බලපෑමට සිරිසේන බය වෙයි. පාර්ලිමේන්තුව කැඳවයි, කුමන්ත්‍රණය අකුලයි.
සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණයට එරෙහිව මේ වන විට එල්ල වී ඇති විදේශීය බලපෑම හමුවේ සිරිසේන ජනාධිපතිවරයාට තමන්ගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම අකුලා ගැනිමට සිදුව තිබේ. ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා කතානායකවරයාට ඉඩ දිමට සිදුව තිබෙන්නේද ඒ අනුවය.
අපේ පිරිසක් එජාපයට යන්න ඉන්නවා.. ජනාධිපති ආසන සංවිධායක රැස්වීමේදී තහවුරුකරයි !
ජනාධිපතිවරයා අද දින කැඳවා තිබු ශ්‍රිලනීප ආසන සංවිධායක රැස්වීමෙදී ශ්‍රීලනිපයෙ මන්ත්‍රී කණ්ඩායමක් එජාපය සමග එක්වීමට නියමිතව සිටින බව ප්‍රකාශ කර තිබේ. මෙම රැස්වීම සඳහා සියලුම ආසන සංවිධායකයන් කැදවා තිබූ නමුත් සංවිධායක ධුර හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් පැමිණ සිටියේ නැත. ඒ අතර දුමින්ද දිසානායක ද සිටි බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මහින්දට තවමත් බහුතරය නෑ. ! දුමින්ද සමඟ සාකච්ඡාත් අසාර්ථකයි !!
සිරා මරා බලු පූට්ටුවේ පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය කරන බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මිලදි ගැනිමට නොහැකි වීමේ බරපතල ගැටලුවකට ඔවුන් මුහුණ පා සිටී. අද සවස ශ්‍රීලනීපයේ දුමින්ද දිසානායක සමඟ බැසිල් රාජපක්ෂ පැය 3 කට ආසන්න කාලයක් සාකච්ඡා කළද දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම දිනා ගත නොහැකිව තිබේ.