සංචාරක ක්ෂේත්‍රයේ අවුරුදු 30 ට අඩු අයට එන්නත ලබාදීමට සැලසුම් !

Published in පුවත්
Friday, 30 July 2021 10:46

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අවුරුදු 30 ට අඩු පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේන බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ . අවුරුදු 30 ට වැඩි සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබා දිම මේ වනවිට ආරම්භ කර තිබේ.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී විදේශීය සංචාරකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් අද පැවැත්වේ. එහිදි දැනට පවතින සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඇය ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us