කොවිඩ් එන්නත ගැනීම අනිවාර්ය කරයිද ? තීරණය අද !

Published in පුවත්
Friday, 30 July 2021 10:34

කොවිඩ් එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමේ නීතිරීති ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව කොවිඩ් එන්නත්කරණ කමිටුව සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ඊයේ (29දා) පැවැසුවේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

සියලු පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීමට නීති පද්ධතියක් නොමැති වුවද එය කල්පනාකාරීව ගත යුතු තීරණයක් බව ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් රටවල් විවිධ නීති රෙගුලාසි මගින් එන්නත ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

එන්නත් පිළිබඳව විවිධ දුර්මත රැසක් සමාජගත වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. එන්නත්කරණය කොවිඩ් පාලනය සඳහා ​​හොඳම විසඳුම බව ලෝක සෞඛ්‍ය සංවිධානයද හඳුන්වා දී තිබේ. කෙසේ වෙතත් එන්නත් ලබාගෙන ඇති පුද්ගලයන් පිළිබඳව ග්‍රාම නිලධාරි මාර්ගයෙන් තොරතුරු ලබාගැනීමට වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරම්භ කර තිබේ. එම තොරතුරු ලබාගත් පසු එන්නත් ලබානොගත් පිරිස පිළිබඳව කරුණු අනාවරණය වන බවට ඔහු විශ්වාසය පළ කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us