කොවිඩ් පාලනයට රු.කෝටි 22,300කට වඩා වියදම් වුණා - මුදල් අමාත්‍යාංශ ලේකම්

Published in පුවත්
Saturday, 31 July 2021 10:07

කොවිඩ් ආසාදිතයන්ගේ හා නිරෝධායනයට ලක් කළ පිරිසගේ ප්‍රතිකාර හා සුභසාධන කටයුතු සඳහා ආණ්ඩුව මේ වන විට රුපියල් කෝටි විසිදෙදහස් තුන්සියයකට අධික මුදල් සම්භාරයක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා හෙළි කරයි.

මේ මුදලට අමතරව කොවිඩ් මර්දන එන්නත් මිල දී ගැනීම සඳහා ආණ්ඩුව මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන එකසිය දහයකට අධික මුදලක් වැය කර ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් කියා සිටියේය.

මේ වසරේ ගෙවී ගිය මාස හයක කාලයේදී පමණක් කොවිඩ් ආසාදිත වූවන්ට ප්‍රතිකාර කිරීම, නිරෝධායනයට ලක් කිරීම, වියළි ආහාර මලු දීම රුපියල් පන්දහසක දීමනාව දීම ආදි කටයුතු සඳහා රුපියල් කෝටි පන්දහස් තුන්සියයක් වැය කර ඇත. ඉකුත් 2020 වසරේදී රුපියල් කෝටි දාහත්දහකට අධික මුදල් ප්‍රමාණයක් වැය කර ඇතැයිද එස්. ආර්. ආටිගල මහතා පැවසීය.

ආණ්ඩුව කොවිඩ් පාලන කටයුතු සඳහා වැය කර තිබෙන මුදල් සම්භාරය රුපියල් කෝටි විසිදෙදහස් තුන්සියයක් ලෙස සඳහන් කළත් යුද හමුදාව වැය කරන මුදල් සහ කොවිඩ් මධ්‍යස්ථාන ඉදිකිරීම්, රෝහල් ඇදන් පහසුකම් දීම, ඔක්සිජන් හා අනෙකුත් කටයුතු සඳහා වැය කළ මුදල් ප්‍රමාණය ගණනය කළහොත් සමස්ත මුදල් ප්‍රමාණය තවත් ඉහළ යන බවද ඒ මහතා කීය.

මේ වන විට යුද හමුදාව මඟින් පවත්වාගෙන යන කොවිඩ් මධ්‍යස්ථානවල සිටින ජනතාවට හමුදාව විසින් වැය කරන මුදල්ද ආපසු මහා භාණ්ඩාගාරය හරහා ප්‍රතිපාදනය කිරීමටද සිදුව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව මේ මොහොතේදී වැය කර ඇති මුදල්වලට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් නිෂ්පාදිත රටවල්ද කොවිඩ් පාලන කටයුතු සඳහා උපකාර කළ බවද ඒ මහතා කීය. කොවිඩ් පැතිර යෑම හා ආසාදිතයන් හමුවීමේ අඩුවක් නැති නිසා මොන අසීරුතා තිබුණත් ජනතාවට අවශ්‍ය සියලු සෞඛ්‍ය පහසුකම් සහ සුබසාධන කටයුතු අඛණ්ඩව කර ගෙන යෑමට ආණ්ඩව පියවර ගන්නා බවත් රටේ සංවර්ධනය සඳහා වැය කිරීමට තිබූ මුදල් ජනතාවගේ ආරක්ෂාව සඳහා යොදවන බවද ඒ මහතා සඳහන් කළේය.

- දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us