පසුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය මුදල් නාස්ති කරමින් පැවැත් වූ සංදර්ශන බොහොමයක කොන්ත්‍රාත් බාරගෙන සිටි භාතිය සන්තුෂ් දෙපළ යලිත් ඒ පරණ සෙල්ලමට අත දැමීමට උත්සහ ගනිමින් තිබෙන බව වාර්තා වේ.

සිරිසේන ජනාධිපතිවරයාගේ තක්කඩි දේශපාලන තීන්දු හමුවේ ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ජපානයේ ජයිකා ආයතනය ඉවත් වීමේ හේතු අනාවරණය වී තිබෙනවා.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදි මෙරට විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා හොරකම් කරනු ලැබ විදේශ ගිණුම් වල තැන්පත් කළ ඩෝලර් බිලියන ගනනක මුදල් වලින් කොටසක් යළි මෙරටට ‍රැගෙන ඒම සඳහා සැලසුමක් දියත්කර තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස නම් කිරීම නිත්‍යානුකූල බව පවසමින් පසුගිය දින කිහිපයේම රාජපක්ෂවාදින් කොළඹ තානාපති කාර්යාල වල බඩ ගෑවද. ඒ කිසිදු තනාපතිවරයකු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පිළිගැනිම ප්‍රතික්ෂේප කර තිබේ. ගොඨාබය, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ දිනේශ් ගුණවර්ධන නාමල් රාජපක්ෂ අනුර යාපා, මෙලෙස තානාපති කාර්යාලවලට ගිය පිරිස වේ. 

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණ්ය ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල අනතුරක් නිර්මාණය කර තිබෙන බවත් ජපානය පවසයි. මේ ුනුව ජපානය මෙරට තුල ආයොජනය කිරීම මේ කුමන්ත්‍රණකාරී පාලනයට සහය දීමක් වන නිසාත් ඊට කිසිසෙත්ම ජපානය එකග නොවෙන නිසාත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තාවකාලිකව අකුලා ගැනීමට ජපානයේ ජයිකා ආයතනය කටයුතු කර තිබේ.

හොර අගමැති මහින්ද රාජපක්ෂ මුදල් හා ආර්ථික කටයුතුද තමන් සන්තකේට ගෙන මේ වන විට නටන පිස්සුවේ ප්‍රතිපළ ලබන වසරේදීම සියලු ශ්‍රීලංකිකයන්ට අත් විඳීමට සිදු වනු ඇති බව ආර්ථික විශේෂඥායෝ අනතුරු හගවා සිටී.

සිරා මරා බලු පූට්‍ටුවට එරෙහිව මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118 කගේ බහුතරයක් සුදානමින් සිටී. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනාද මේ ව්‍යවස්ථාවිරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට සහය දෙන බව එකඟවී ඇත.

මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයකු ලෙස මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බවත්. ඒ නිසා මෙ මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.

ld add copy

Connet With Us