රිෂාඩ්ගේ නිවසේදී තවත් තරුණියකට අතවර !

Published in පුවත්
Monday, 02 August 2021 09:43

හිටපු ඇමැති රිෂාඩ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි තවත් තරුණියක ඇමැති බිරියගේ සොහොයුරා විසින් නිවසේදී දැඩි ලෙස අතවරයට ලක් කර ඇතැයි ඊයේ (01 වැනිදා) අනාවරණය වී ඇත.

මේ අනුව එම තරුණියවත් හිටපු අමාත්‍යවරයාගේ නිවසට රැගෙන ගොස් අදාළ ස්ථාන හඳුනා ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුනි බෝගහවත්ත ඇතුළු කණ්ඩායම ඊයේ (01 වැනිදා) පස්වරුවේ පියවර ගත්හ. දැනට විසිනම වැනි වියේ පසුවන මෙම මෙහෙකාර සේවිකාව ඩයගම පදිංචිකාරියක වන අතර ඇය වයස අවුරුදු දහනවයේ දී ඇමැති නිවසට පැමිණි පසු අතවරයට ලක් කර ඇත.

ඉෂිලිනි දැරිය මියයාමේ සිද්ධියෙන් පසුව ඇයව ඇමැති නිවසට රැගෙන ආ බ්‍රෝකර්වරයා විසින් තරුණියන් 11 දෙනකු මෙම නිවසට දී ඇතැයි හෙළිවිය. එයින් එක් තරුණියකව මීට පෙර අතවරයට ලක් කළ වරදට ඇමැති බිරියගේ සොහොයුරා ඉකුත් සතියේ අත්අඩංගුවට ගත්තේය.

ඔහු අතින් තමාටද අතවරයක් සිදු වූ බව ඊයේ (01 වැනිදා) කැලණියෙන් සොයාගත් එම කාන්තාව හෙළිකර ඇත.

ඇය දැනට කැලණියේ පදිංචි අතර ඇමැති නිවසේ මෙහෙකාර සේවයට පැමිණි අනෙක් දසදෙනාගේ ප්‍රකාශ හා තොරතුරු ඩයගමට ගිය පොලිස් කණ්ඩායම ලබාගෙන ඇත.

තමන්ට මෙහෙකාර සේවයේ දී ඇමැති බිරිය පහරදී ශාරීරික වධහිංසනවලට ලක්කළ බව එම දැරියන් නවදෙනකු හෙළි කර ඇත.

එම වධහිංසනයන් සිදු වූ බව කියන, රිෂාඩ් බදියුදීන් වෙළෙඳ ඇමැතිවරයාව සිටියදී භාවිත කළ නිල නිවසේ කාමර කිහිපයකට විමර්ශන නිලධාරීන් මුද්‍රා තබා ඇත. වත්මන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම නිල නිවස භාවිත නොකරන බවද විමර්ශන නිලධාරීන් පවසයි.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us