සේවයට කැඳවීම අනිවාර්ය කිරීමට ගත් තීරණය අනතුරුදායකයි ! විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා !

Published in පුවත්
Monday, 02 August 2021 11:03

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම තීරණය ගැනීමේදී බලධාරීන් නොසලකා හැරිය වැදගත් කරුණක් ඇති බවය.

"මේ තීරණය ගැනීමේදී ඔවුන් සලකා නොබලපු කාරණයක් තියෙනවා. ඒ නිසා අපි මේ තීරණයත් සමග එකඟ නෑ. රජයේ සේවකයින් එන්නත් ලබාගෙන තිබුණත් ඔවුන් බොහෝ දෙනෙක් ලබාගෙන තියෙන්නේ එක් මාත්‍රාවක් පමණයි. වැදගත්ම කාරණය රාජ්‍ය සේවකයින්ගේ නිවෙස්වල අය එන්නත් ලබාගෙන නොතිබීමයි. රාජ්‍ය සේවකයෝ නැවත නිවෙස්වලට ගියාට පස්සේ මේකෙ බිල්ල බවට පත්වෙන්නේ නිවෙස්වල ඉන්න සමීපතමයින්. ඒ අනුව මේ තීරණය ඉදිරියේදී නරක ප්‍රතිඵල ගෙනදෙයි."

සියලුම රාජ්‍ය සේවකයින් අද (02) සිට සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවීමට රජය තීරණය කළේය.

ඊට අදාළ චක්‍රලේඛය ද පසුගිය 30 වනදා නිකුත් කර තිබුණි.

මේ අතර රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම පිළිබඳව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජේමුණි මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ,

"මේ වනවිට රජයේ සේවකයින් සියලුදෙනාම පාහේ මේ එන්නත ලබාගෙන තියෙනවා. කොළඹ ප්‍රධාන පෙළේ සියලුම ආයතනවලට එන්නත ලබාදීලා තියෙනවා. යම් විදිහකින් මේ එන්නත ලැබිලා නැත්නම් සිය ආයතනයේ ප්‍රධානියා මාර්ගයෙන් අප වෙත ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්න පුළුවන්. පොදු ප්‍රවාහන සේවයේදී හැකිනම් මුඛ ආවරණ දෙකක් පලඳින්න. අත් පිරිසිදුකාරක දියරයක් තබා ගන්න. ඔබ එන්නත ගත්තත් නොගත්තත් ඒ දේවල් කළ යුතුමයි."

රාජකාරී සඳහා වාර්තා කරන රජයේ සේවකයින්ට බාධාවකින් තොරව එම ස්ථානවලට පැමිණීම සඳහා අවශ්‍ය කටයුතු ආරක්ෂක අංශ විසින් ද සලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව පළාත් අතර මාර්ග බාධකවලදී රාජ්‍ය සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව පවතින බවද සඳහන් කළේය.

මේ අතර අද (02) සිට යළි සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආන්නද හිමියෝ ඉල්ලා තිබෙනවා.

පවතින කොවිඩ් වසංගතය හමුවේ ගැබිනි හෙද නිලධාරිනියන් සේවයට කැඳවීම පිළිබඳ සහ දිනෙන් දින වර්ධනය වන රෝගී සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් මෙය සංශෝධනය කළ යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කරති.

එසේම සියලු හෙද කාර්යමණ්ඩලය එකවර සේවයට කැඳවීමේදී ඔවුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් ඉන් පීඩා විඳීමට සිදුවන්නෙ රෝගීන්ට බවද උන්වහන්සේ අවධාරණය කරති. මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ මෙම චක්‍රලේඛය සෞඛ්‍ය කේෂ්ත්‍රයට ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් අනිවාර්යෙන්ම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කරන බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us