පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරන වැඩසටහන නරඹන්න ජනපති යයි !

Published in පුවත්
Tuesday, 03 August 2021 11:53

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක කොරෝනා එන්නත්කරණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්වී තිබේනවා .

ඊයේ (02) රාත්‍රියේ ජනාධිපතිවරයා එහි සංචාරයක නිරතවූ අතර එහිදී එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයාබලා ඇත.

පළමු කොවිඩ් මර්දන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් බස්නාහිර පළාතේ පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම මධ්‍යස්ථාන 20කදී පමණ සිදුකෙරේ. මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් මාත්‍රා 174,985 ඊයේ (02) දිනයේ ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඉන් එන්නත් මාත්‍රා 22,981ක් කෑගල්ල දිස්ත්‍රික්කයට පළමු මාත්‍රාව වශයෙන් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව පසුගිය දින 2 තුළ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 244,251කි. මේ සඳහා අවශ්‍ය එන්නත් ජපානයෙන් පරිත්‍යාගයක් වශයෙන් මෙරටට ලැබුණි.

ඊයේ දිනය තුළදී ජනතාවට ලබාදුන් සමස්ත එන්නත් සංඛ්‍යාව 422,472කි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us