කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් ඉතිරෙයි.. අධි අවදානම් තත්වයක් !

Published in පුවත්
Tuesday, 03 August 2021 11:42

කොවිඩ් රෝගීන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල් පිරී යමින් පවතින බැවින් ඇතැම් රෝහල්වලට රෝගීන් භාර ගැනීම නතර කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොළඹ ජාතික රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටු දහය මෙන්ම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු දහතුනම මේ වනවිට රෝගීන්ගෙන් පිරී පවතියි.

කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භ වනවිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කළ රෝහල්වල ඇඳන් දහතුන්දහක් (13000) තිබූ අතර ඉන් පසු ඇඳන් තිස්හත්දහසක් (37000) ධාරිතාවයක් දක්වා වැඩි කරන ලදී.

දිවයින පුරා ස්ථාපිත කළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් දහසයදහස් විසිදෙකක් (16022) පවතින අතර ඊයේ (2 වැනිදා) උදෑසන වන විට ඇඳන් 14,000ක රෝගීන් සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරයි.

රෝහල් දැඩි සත්කාර ඒකකවල ඇඳන් 650ක් ඇති අතර එම ඇඳන්වලින් බහුතරය පිරී පවතියි.

සාමාන්‍යයෙන් කොවිඩ් රෝගියකු දින දහයක්වත් අවම වශයෙන් ප්‍රතිකාර ලබාගත යුතුය. එහෙත් විවිධ සංකූලතා ඇති රෝගීන්ගේ අවදානම වැඩි බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම රෝහල් ආශ්‍රිත ප්‍රතිකාර මධ්‍යස්ථානවලටම අනුයුක්ත කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ළමා රෝහලෙත් ඉඩ නෑ
------------------------------
මේ අතර කොවිඩ් -19 ආසාදිත දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා නම් කර ඇති කොළඹ රිජ්වේ ආර්‍යා රෝහලේ (එල්ආර්එච්) කොවිඩ් -19 වාට්ටුව එහි උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

ඔහු පැවසුවේ වෛරසය ආසාදනය වන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.

“කොවිඩ් ආසාදිත ළමුන් 70 ක් පමණ දැනට රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දෛනිකව රෝගීන් 15 ක් පමණ රෝහලෙන් වාර්තා වන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, COVID-19 ආසාදිත දරුවන්ට ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවේ ඇති උපරිම ධාරිතාවය බොහෝ දුරට ඉක්මවා ඇති අතර එම නිසා සමහර දරුවන් වෙනත් රෝහල් වෙත මාරු කර යවන බව අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

එම නිසා ළමයින්ට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සැලසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රාජගිරියේ වෙනම ගොඩනැගිල්ලක් ලබා ගැනීමට ඔවුන් පියවර ගත් බව ඔහු පැවසීය.

ආචාර්ය විජේසූරිය කියා සිටියේ අනාගතයේ දී ළමුන් සම්බන්ධ සිද්ධීන් තවදුරටත් ඉහළ යා හැකි බැවින් දෙමාපියන්ගෙන් තම දරුවන් පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us