රසායනික පොහොර තහනම ඉවතට Featured

Published in පුවත්
Tuesday, 03 August 2021 14:06

රසායනික පොහොර සඳහා පනවා තිබු තහනම යම් සීමා කිරීම වලට යටත්ව ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. හදිස්සියෙම රසායනික පොහොර සහ අදාල වෙනත් රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට ගත් පියවර නිසා මෙරට කෘෂි ක්ෂේත්‍රයම කැළැඹීමට පත් වූ අතර ඊට එරෙහිව විශාල විරෝධයක්ද ගොවියන් තුළින් පැන නැගිනි.

 

මේ සම්බන්ධයෙන් ආයනයන අපනයන පාලක විසින් නිකුත් කෙරුණු නියෝගය පහත දක්වා ඇති අතර.. මෙම පොහොර තහනමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ විශාල හඬක් නැඟු රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් පළ කර තිබෙන සටහනද පහත දැක්වේ.

පොහොර තහනම ඉවරයි. වගා හානි වූ ගොවීන්ට රජය වන්දි ගෙවිය යුතුයි.
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය දුන් සැමට ස්තුතියි.

2021 අගෝස්තු මස 1 දින සිට පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීමට රජය කටයුතු කර ඇත.

පොහොර ආනයනය සඳහා පනවා තිබූ තහනම රජය විසින් ඉවත් කර ඇත. එසේ නමුත්, පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දෙන්නේ කුමණ ව්‍යාපාරිකයින්ට ද, ගෙන්වනු ලබන්නේ කුමන පොහොර වර්ග ද යන්න පිළිබඳ නිශ්චිත නැත.

ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා පොහොර ආනයනය තහනම් කරනු ලැබූ නමුත් රජය කාබනික කෘෂිකර්මය සඳහා යැයි ඉතා ග්‍රාම්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා යැයි කියමින් රු. කෝටි 8 ක ප්‍රචාරක ව්‍යාපාරයක් භාතිය සංතුෂ් සංගීත කණ්ඩායම සමඟ සැලසුම් කළ අතර ජනතා විරෝධය හරහා එය අතහැර දමන ලදී.

පොහොර තහනම හේතුවෙන් වී අස්වැන්නේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇත. අතිරේක ආහාර භෝග වර්ග 11ක අස්වැන්න අඩුවී ඇතැයි පසුගිය දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. තේ පොහොර නොමැතිවීම නිසා තේ දළු අස්වැන්න අඩුවිය.

සලාක ක්‍රමයක් යටතේ පොහොර ආනයන අත්ත දුෂිත ගණුදෙනුවක් බවට පත් විය හැකිය. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ප්‍රතිමිතියකින් යුතුව ආනයනය කිරීම සඳහා රජය පියවර ගත යුතුය ඇත. එමෙන්ම ප්‍රෝඩාකාරී පොහොර තහනම නිසා වගා හානියකට පත් පිරිසට වන්දි ගෙවීමට රජය පියවර ගත යුතු ය.

pppppp1ppppp

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us