කොතලාවල පනත ගැන ශ්‍රී.ල.නි.පය අදහස් දක්වයි !

Published in පුවත්
Wednesday, 04 August 2021 11:45

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යයනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ නිගමනය ඉදිරිපත් කර තිබේ.

එම කමිටුවේ සභාපති රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් අදාළ නිගමනය සහ සංශෝධන ඉදිරිපත් කර ඇත.

එම නිගමනය සහ සංශෝධන ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම ඇතුළු කරුණු 04ක් සම්බන්ධයෙන් එම පක්ෂයේ අවධානය යොමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේ,

"මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වෙනවට අපේ විරුද්ධත්වයක් නෑ. හැබැයි ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීමේදී නිදහස් අධ්‍යාපනයට කිසිදු වැරද්දක් සිද්ධ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. නැත්නම් විශ්වවිද්‍යාල කඩ ඇතිවීම වළක්වන්න බෑ."

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us