අවසර දී ඇත්තේ කාබනික පොහොර නිශ්පාදනයට අදාල රසායනික පොහොර වලට පමණලු ! Featured

Published in පුවත්
Wednesday, 04 August 2021 14:31

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය සඳහා ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත්, කාබනික පොහොර භාවිතයට ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සාර්ථකව සිදුවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

තහනම් කර තිබූ රසායනික පොහොර වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා අගෝස්තු 01 වැනිදා සිට අවකාශය සලසමින් මුදල් අමාත්‍යවරයා විශේෂ ලිපියක් නිකුත් කර තිබිණි.

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා විසින් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබෙන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය දියර නයිට්‍රජන් ඇතුලු රසායනික පොහොර වර්ග කිහිපයක් පමණක් බවයි. ඒවා රජයේ බලපත්‍රයක් මත පමණක් ගෙන්වීමට අවසර තිබෙන බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.

නමුත් රේගු කටයුතුවලදී යොදා ගන්න‍ෙ කේතය යටතට දියර නයිට්‍රජන් මෙන්ම වෙනත් රසායනික පොහොර වර්ග ද ඇතුළත් වන බැවින් පොහොර තහනම ඉවත් කර ඇති බවට චෝදනා කරන බවත් මුදල් ලේකම්වරයා පෙන්වා දෙනවා.

මේ සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවත් රජයේ නිර්දේශ මත පමණක් ගෙන්වීමට අනුමැතිය ලබා දෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us