රට දැඩි අනතුරුදායක තත්ත්වයක !

Published in පුවත්
Wednesday, 04 August 2021 20:14

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් යටතේ සංචරණ සීමා වැනි කරුණු ලිහිල් කිරීම "ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්" වැනි බවය.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනයවීම ඉතා දැඩි අනතුරුදායක තත්ත්වයක් බවද ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව තීරණ ගැනීමේදී බලධාරීන් හට මෙම සත්‍ය තත්ත්වය පැහැදිලි කරදීමට අවශ්‍ය තොරතුරු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් සැඟවීම සහ ඔවුන්ගේ ඇල්මැරුණු ස්වභාවය ගැන සිය සංගමය දැඩි ලෙස කනගාටු වන බවද පෙන්වා දී තිබේ.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වුවහොත් තවදින කිහිපයකින් අපගේ ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවය ද ඉක්මවා යන හෙයින් එම තත්ත්වය මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීමටද හේතුවක් වනුඇති බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීම කළයුතුව තිබුණේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල තුළින් බලාපොරොත්තු වන සංඛ්‍යානමය ඉලක්ක පසුරා ගැනීම මෙන්ම එයට සමාන්තරව දෛනික රෝගීන් ප්‍රමාණය අඩුවන තත්ත්වයක් පෙන්නුම් කරන විටදී බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසු දැනට පවතින තත්ත්වය ගැන නැවත සමාලෝචනයක් කර සෞඛ්‍යමය හා සංචරණ සීමා සංශෝධනයන් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us