දිවයින පුරා රෝහල් 600ක සේවකයින් සේවයෙන් ඉවතට !

Published in පුවත්
Thursday, 05 August 2021 09:00

අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා දිවයින පුරා රෝහල් 600ක පමණ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල අනිවාර්යයෙන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව මෙම පියවර ගන්නා බවය.

"සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අපි සාකච්ඡාවක් කළා. නමුත් අවසාන තීන්දුවක් දුන්නේ නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල, පිළිකා රෝහල තුළ අපි මේ ක්‍රියාමාර්ගය ගන්නේ නෑ. කොරෝනා රෝහල්වල උද්ඝෝෂණ ව්‍යාපාරය විතරක් කරනවා. අපි ආණ්ඩුවට කියන්නේ මේ චක්‍රලේඛය සෞඛ්‍ය සේවාවට අවලංගු කරන්න. ඒ වගේම පොරොන්දු වූ දීමනා ඇතුළු අනෙකුත් සහන දෙන්න කියන බලකිරීමත් අපි කරනවා."

ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද මෙලෙස විරෝධතා පැවැත් වේ. මේ සඳහා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති හතළිස් හතරක (44) සමාජිකයන් සහභාගි වනු ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us