පසුගියදා පාර්ලිමේන්තු හන්දියේදී වහසි බස දෙඩවූවද මහින්දව අගමැති කරවා ගැනීමට අවශ්‍ය බහුතරය නොමැති කමින් සිරිසේන ජනාධිපතිවරයා වියරුවෙන් මෙන් කටයුතු කරන්න පටන් ගෙන තිබේ.

පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහස අතහැරගෙන ඇති බව සිංගප්පූරුවේ THE STRAITS TIMES වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

මෙවර දිපවාලී උත්සවය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරයා රටේ ජනතාව රවටන කුප්ප වැඩක් සිදු කර තිබේ. දීපවාලි උත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩ නිකුත් කිරීමේ සාම්ප්‍රදාය අනුව මෙවරද ජනාධිපතිවරයා පණිවිඩයක් නිකුත් කර තිබිණි . ඒ අනුව උතුරේ සිරකරුවන්ගේ ගැටළුව විසඳීම පිලිබදව සහනදායි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබිණි.

ඉදිරි සියලු මැතිවරණ වලදි ශ්‍රීලනිපය පොහො‍ටු ලකුණ යටතෙ තරග කළ යුතු බවට මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය තීන්දු කිරීම නිසා මේ වනව විට ශ්‍රී ලනීප පාක්ෂිකයන් කළඹල වී සිටී.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් බවත් වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.

ජනාධිපති සිරිසේන බලයට පත් වූයේ පොරොන්දු කප්පරක් සමාජ ගත කරමින් ඒවා ඉ‍ටු කරන බව සහතික වෙමිනි. එහෙත් ඒ පොරොන්දුවලින් ඔහු ලවා ඉ‍ටුකර ගැනීමට හැකිවූයේ මොනවාදැයි කියන්නට තරම් මතකයට නොපැමිණේ. සමහර විට අැත්තෙම නැත

සිරිසේන විධායක ජනාධිපතිධුරය හොබවනු ලැබුවද ඒ කාලය තුළ ඔහු මුහුණ දි තිබූ පීඩාකරී ජීවිතය කෙතරම් ඛේදනීයද යන්න ගැන දැන් ප්‍රකාශයට පත් කොට අවසන්ය. තමන් කෙතරම් අසරණ භාවයට පත්ව සිටියාද යන්න අද ඔහු පෙන්වා දුන්නේය.

ld add copy

Connet With Us