ජනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සකස් කරන ලද පිටපතට අවශ්‍ය සාක්ෂි කඩිනමින් සකස් කරන ලෙස ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් සිටී.

යම් හෙයකින් මහ මැතිවරණයක් කැඳවන ඕනෑම අවස්ථාවකදී තමන් ද ඒ සඳහා තරඟ කරන බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගයේ ව්‍යවස්ථානුකුල භාවය සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමට ශ්‍රි ලංකා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ද අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවත් එම තීන්දුව අත් හි‍ටුවීමට නියෝගයක් කරන මෙන් ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක් ඉදිරිපත් වූ අතර ඉන් 7 ක් අද විමසා බැලිමට කටයුතු කර තිබිණි.

සිරිසේන ජනාධිපතිවරයාගෙන් අගමැති පට්ටම ගත් රාජපක්ෂ මහතා වසර 50ක දේශපාලන ජීවිතය තුළ හැදී වැඩුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගිය හැටි 'ද හින්දු' පුවත්පත මෙසේ වාර්තා කොට තිබුණි.

මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයන්ගේ අදහස අනුව ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධී බව සහ ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හෝලේ මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මහින්ද රාජපක්ෂ තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්බ කරන්නේම සිංහල ජාතිවාදය පදනම් කරගෙන බවට හොඳම උදාහරණය රොයිටර් බීබීසී වැනි ජාත්‍යන්තර මාධ්‍ය විසින් ලෝකයටම පෙන්වාදි තිබේ. මේ සමඟ වන ඡායාරූප එම පුවත් සේවාවන් විසින් පළ කර ඇත්තේ මහින්දගේ ජාතිවාදි ප්‍රවේශය ගැන කියන්නටය. මහින්දගේ ජාතික කොඩියේ කොළ හා තැඹිලි වර්ණ තීරු දෙක නැත.

2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින් ජනතාවට ද්‍රෝහී වූ කොටස් සමඟ එක්වී ශ්‍රිලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තරයේ හෙළා දකි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පැවසයි.

ld add copy

Connet With Us