කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමත් සමඟ ගත වූ මාස 2 තුළ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දකින්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයන්ට සේව්‍ය සේවක අංකය වෙනුවට ජාතික හැඳුනුම්පතේ අංකය ලබදීම සඳහා අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු කන්ටේනර් නෞකාව ඉන් මුදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 2ක සංචිතය සකස් කළ පසු රටේ සහල් මිල තීරණය කිරීමට මෝල් හිමියන්ට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් දේශීය වෙළෙඳපොළට ගෙන්වීමට කටයුතු කළ අයට දැඩි දඬුවම් පමුණුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයැබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව සිය වාර්තාව සකස් කර තිබේන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල සදහන් කර තිබෙනවා.

උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීමේ පුළුල් මෙහෙයුමක් රට පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබේ.

නිවාස නොමැති කොළඹින් බැහැර ජන කොටස් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහන් මාලාව තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාන්තික ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබාදීමේ නව නිවාස ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පසුගිය දා අනුරාධපුර නගරයෙන් ආරම්භ කෙරිණ.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us