60 ට වැඩි අයගේ එන්නත ඉලක්ක කර ගනිමින් පැනවුණ ඇඳිරිනීතිය ගැන මෙන්න !

Published in පුවත්
Friday, 20 August 2021 20:08

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් නිරෝධායන ඇඳිරිනීතිය දැමීමේ තීරණයට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, සැප්තැම්බර් 01 වනදා ට පෙර ඔවුන්ට එන්නත් දී අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය අද (20) රාත්‍රී 10 සිට අගෝස්තු 30 වනදා අලුයම 4 තෙක් පැනවිණි.

ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත 23 සඳුදා දිනට පෙර වාර්තා කළ යුතුය.

එසේම 1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කිරීමෙන් ලියාපදිංචිවීමේ පහසුකම ද සලසා තිබේ.

මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට ද තීරණය කෙරිණ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ රැස්වීමක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවතිනි.

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ කෘෂිකාර්මික, ඇඟලුම් හා ඉදිකිරීම් කර්මාන්ත, අපනයන කර්මාන්ත, ඖෂධ අළෙවිසැල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා හා ගුවන්තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරනනන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා විසින් පොලිස්පති වෙත උපදෙස් දී තිබේ.

මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us