තවත් විදෙස්ගත ශ්‍රමිකයන් 109 දෙනෙකු අද උදෑසන ගුවන් මගින් මෙරටට පැමිණ තිබේ.

වර්ෂ 2019 යේදී පාසල් සිසුන් තිස්දහස් හත්සිය අසූ තුන්දෙනකු නියමිත කාලයට හෝ පාසල් හැරගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ​ලේඛන දෙපාර්තමේන්තුවෙ අනාවරණය කරයි.

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරනවා.

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරුණා.

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන නමුත් ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසයි.

යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8 යි දශම 2 යි 6 ක ආධාරයක් පිරිනමා තිබෙනවා.

කිරිගව වයිරස් රෝගය පාලනයට අවශය පියවර මේ වන විටත් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පවසනවා.

අඩු බර සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ld add copy

Connet With Us