දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ. බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමුකර තිබේ.
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (16) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 224කදී සිදුකරනු ලැබේ.
-පංචාලි අබේසේකර