අද සිට ක්‍රියාත්මක වන නව නිරෝධායන නීති !

Published in පුවත්
Monday, 16 August 2021 10:24

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් අද (16) දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

ඒ අනුව අද දිනයේ සිට මහජනතාව ඒකරාශී වන කිසිදු උත්සවයක්, වැඩමුළු වැනි අවස්ථා පැවත්වීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

හෙට (17) දින මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව පැවැත්වීමට ද අවසර හිමි නොවේ.

කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බවද පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ නිවසකදී හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කරගැනීමට හැකි බවය.

ඒ සඳහා මනාල යුවල, දෙපාර්ශ්වයේ දෙමව්පියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට සහභාගීවීමේ හැකියාවක් පවතී. ඒ හැරෙන්නට වෙනත් කිසිවෙකුටත් ඊට සහභාගීවීමට අවස්ථාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර අද (16) දින රාත්‍රී 10 සිට හෙට (17) අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකය.

එය අද සිට නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම ක්‍රියාත්මක වේ.

එම කාලපරිච්චේදය තුළ මාර්ගවල ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින්ට හා ඊට අදාළ වාහන සඳහා පමණි.

මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ඊයේ (15) දිනය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම වැරදි සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 54,612කි.

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 479 දෙනෙකු ද ඊයේ දින ආපසු හරවා යැයූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් හෝ ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවකදී පමණක් පළාත් මායිම් හරහා ගමන් කිරීමට අවස්ථාව හිමිවේ.

මේ අතර අද දිනයේ සිට මුහුණු ආවරණ නොපලඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දීපව්‍යාප්තව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද පොලීසිය පවසයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us