තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් !

Published in පුවත්
Tuesday, 24 August 2021 09:51

ශ්‍රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානයකින් චීනයේ බීජිං නුවර සිට අද (24) අලුයම මෙම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව 'අද දෙරණ' වාර්තාකරු සඳහන් කළේය.

මෙම මස අවසන්වීමට පෙර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

මේ අතර කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඖෂධවලට අමතරව පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ ආසාදිත වු පුද්ගලයින් වැඩි වශයෙන් පලා වර්ග සහ පළතුරු ආහාරයට එක්කර ගතයුතු බවය.

"මේ වෛරසයට විශේෂ බෙහෙතක් නෑ. අපිට තියෙන ඒකම විසඳුම අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඒක තමයි. අපේ මානසික සෞඛ්‍ය පවා බලපානවා මේකට. උදේ, දිවා, රාත්‍රී ආහාර නොවරදවාම ගන්න. අපේ ආහාර වේලට ප්‍රධානවම තියෙන්න අවශ්‍යයි පිෂ්ඨය සහිත ආහාර. විටමින්.. ඒවා ලැබෙන්නේ එළවළු පළතුරුවලින්. විටමින් C ප්‍රතිශක්තියට ගොඩාක් වැදගත්. දවස පුරා එළවළු වර්ග 3ක්වත් ගත්ත ද කියලා බලන්න. ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. බිස්කට්, කේක් නැත්නම් පැණිරස කෑමවර්ග..මේවාවල පෝෂ්‍ය සංඝටක ගත්තොත් ගොඩාක් නරකයි. පළතුරු, කිරි, ඇට වර්ග අතරමැද ගන්න පුළුවන්."

මේ අතර කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආයුර්වේද ඖෂධ මංජුසාවක් නොමිලේ ජනතාව වෙත බෙදාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ආයුර්වේද කොමසාරිස් මහාචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සඳහන් කළේ පවුල් ලක්ෂ 25ක් සඳහා පළමු වරට මෙම ඖෂධ මංජුසාව ලබාදීමට සැලසුම් කර ඇති බවය.

"මේ මංජුසාවේ ප්‍රතිශක්ති වර්ධක ඖෂධ වර්ග කිහිපයක්ම තියෙනවා." යනුවෙන් ඔහු සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us