පෞද්ගලික බස් හිමියන්ට වවුචරයක් !

Published in පුවත්
Wednesday, 25 August 2021 09:13

පෞද්ගලික බස් හිමියන් සඳහා ටයර්, බැටරි සහ ඔයිල් මිලදී ගැනීමේදී සහනදායී වට්ටමක් හිමිවන වව්චර් පත්‍රයක් පිරිනැමීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සුදානම් වන බව වාර්තා වෙනවා.

අන්තර් පළාත් බස් රථ 3200 ඇතුළු පෞද්ගලික බස් රථ 18,000 සඳහාම මෙම සහනය ලබා දෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ප්‍රථමයෙන්ම අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන් සඳහා මෙම වව්චර් පිරිනැමීමටත් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පළාත් බස් හිමියන් සඳහා එම වව්චර් පිරිනැමීමටත් පියවර ගන්නා බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසීය.

මේ වන විට වෙළද ආයතන හා සමාගම් කිහිපයක් සමගින් මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් සමාගම් කිහිපයක් මීට කැමැත්ත හා එකඟත්වය පළකර තිබෙන බවත් ලබන සතියේ සිට මෙම සහන වව්චර් ප්‍රදානය කිරීමට හැකිවනු ඇති බවත් ඔහු සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us