අඛණ්ඩව රට වැසීම ගැන තීරණයක් නැහැ - සෞඛ්‍ය ඇමති

Published in පුවත්
Tuesday, 24 August 2021 09:31

සෞඛ්‍ය අමාත්‍යාංශය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ නියමිත කාලය දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව රජය මෙතෙක් තීරණය කර නොමැති බවයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය මධ්‍යයේ රට වසා දමන ලෙස විවිධ පාර්ශවවලින් කෙරෙන ඉල්ලීම් හේතුවෙන් 21 වනදා සිට 30 වනදා දක්වා හුදෙකලා ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට රජය පසුගිය 20 වනදා තීරණය කර තිබුණි.

එවැනි තත්වයක් තුළ 30 වෙනිදායින් පසු දින කිහිපයක් රට අඛණ්ඩව රට වසා දමන තත්වයට පත් වේද? සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

එමෙන්ම,රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. පවතින මෙම ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම එන්නත්කරණය පමණක් නොවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ.

වැඩි ප්‍රතිශතයකට එන්නත් ලබාදීමට වඩා අවුරුදු 60ට වැඩි කණ්ඩාමට එන්නත් ලබාදීම වැදගත් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. එන්නත්කරණ මේ ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම නොවන බවත් ඉක්මනින් වැඩි ප්‍රතිශතයකට එන්නත්කරණය සිදු කිරීමට යාමෙන් අත්‍යාවශ්‍යම අය අවුරුදු 60ට වඩා වැඩි කණ්ඩායම මගහැරුණ බව සඳහන් කළා.

එන්නත් ක්‍රියාවලියෙන් පමණක් ‌මේ රෝගීන් වැඩිවීම නැවැත්වීම කළ නොහැකි බවත් මෙම තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා අවශ්‍ය වන බවද වෛද්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මේ ර‌ටේ වසංගත රෝග විද්‍යා අංශයේ අවුරුදු 21ක් සේවය කළ රාජ්‍ය සේවකයෙක් හැටියට මේ සංචරණ සීමා කාලය අඩුම තරමින් තව දින 10ක් දීර්ඝ කිරීමට ඉල්ලා සිටින බවයි මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ.

මේ අතර,රත්නපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ ගිලන්රථ රියදුරෙක් ද කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබුණි. වසර 20ක කාලයක් ගිලන් වූ ජනතාව වෙනුවෙන් සේවය කළ 57 හැවිරිදි බී.ඒ. අමරජීව මහතා නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොවිඩ් ආසාදිතව මියගිය පළමු ගිලන් රථ රියදුරා වන්නේද ඔහුය. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ ඊයේ පස්වරුව වනවිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහ රැසක් තැන්පත් කර තිබුණි. කොවිඩ් ආසාදිතව එම රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් රෝහලට ඇතුළත් කරගන්නා තෙක් ඔවුන්ට පැය ගණනාවක් රැඳීසිටීමට ද සිදුවී තිබේ.

මේ අතර දෛනිකව හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,000 ඉක්මවමින් ඊයේ නව ආසාදිතයින් 4,304 දෙනෙකු හඳුනා ගැනුණි. දෛනික ආසාදිතයින් 4,000 සේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙයි. ඉන් 22 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 390,000 දක්වා ඉහළ ගියේය.

ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 342,159 කි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 40,475 ක් වෙයි. මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,366 දක්වා ඉහළ ගොස් තිබේ. දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 52,417 දෙනෙකුට ලබා දී ඇත.

රට වසා දැමීමේ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට අඩු තරමින් තව සති දෙකක්වත් ගත වනු ඇති බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එකවර අඩු නොවීම ගැන කිසිවකු කලබල වියයුතු හෝ මානසික වශයෙන් ඇද වැටිය යුතු හෝ නැති බව මහාචාර්යවරයා සඳහන් කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී ජනතාව අනවශ්‍ය සංචරණවලින් වැළකී නිවෙස්වලටම වී කාලය ගත කරන ලෙස මහාචාර්යවරයා ඉල්ලා සිටියි.

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සියලු දෙනා මේ අවස්ථාවේදී එම එන්නත ලබා ගැනීමට උනන්දු වියයුතු අතර විශේෂයෙන් වයස 60ට වැඩි සියලු දෙනා ඉතාම කඩිනමින් එන්නත ලබා ගැනීම වැදගත් බවත් කොවිඩ්වලින් ගැලවීමට තිබෙන ප්‍රධානම විසඳුම එන්නත්කරණය බවත් මහාචාර්යවරයා පවසයි.

එන්නත් තෝර තෝරා නොසිට කුමන හෝ එන්නතක් ලබා ගැනීමට කටයුතු කරන්නැයි තමා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ළඟම එන්නත හොඳම එන්නත බවද මහාචාර්යවරයා පවසයි.

මේ දිනවල වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව මීට සති දෙකකට පෙර සංචරණවල ප්‍රතිඵල බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us