කොවිඩ් අරමුදලට කැබිනට් අමාත්‍යවරුන්ගේ වැටුප පරිත්‍යාග කෙරේ !

Published in පුවත්
Monday, 23 August 2021 19:20

කොවිඩ් -19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

පසුගියදා මෙම අරමුදලට සිය කැමැත්තෙන් වැටුප පරිත්‍යාග කිරීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් විය. එහි විශේෂත්වය වන්නේ රටෙහි පවතින මෙම වසංගතය තුරන්වන තෙක් අමාත්‍යවරයා සිය වැටුප මෙම අරමුදලට බැර කර සිටීමයි.

මේ අතර අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, කොරෝනා ව්‍යසනයෙන් පීඩිත ජනතාව මුදා ගන්නට රෝහල් උපකරණ ලබා ගැනීම උදෙසා සිය වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us