නිවෙස්වල සිටින ආසාදිතයින් සදහා සීමාවාසික වෛද්‍යවරු !

Published in පුවත්
Wednesday, 11 August 2021 12:03

නිවෙස්වල සිටින ආසාදිතයින් සදහා සීමාවාසික වෛද්‍යවරු !

නිවෙස්වල රඳවා තබන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලැබීමට සිටින සීමාවාසික වෛද්‍යවරු කැඳවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි.

ඊයේ (10 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී ඇය පැවසුවේ එම සීමාවාසික වෛද්‍යවරු කැඳවීමට අදාළ ලිපි මේවනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර අවසන් බවයි.
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමග පෙර සූදානමක් ලෙස මෙම සීමාවාසික වෛද්‍යවරු ප්‍රතිකාර සඳහා යෙදවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ඇය කියයි.
එසේම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න ප්‍රකාශ කළේ කොවිඩ් වයිරසය සඳහා එන්නත් මගින් උසස් ආරක්ෂාවක් ලැබෙන නිසා වයස අවුරුදු තිහට වැඩි සියලු දෙනාම එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙසය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us