ඇස්ට්‍රා එන්නත් හත් ලක්ෂ ගණනක් අද දිවයිනට !

Published in පුවත්
Saturday, 31 July 2021 13:34

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද(31) සවස ශ්‍රී ලංකාවට ලැබෙන බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ ඒ හා සමාන ප්‍රමාණයක් ලබන සෙනසුරාදා දිනයේ ද ලැබීමට නියමිත බවය. එන්නත් මෙරටට ලැබෙනුයේ ජපානය කොවැක්ස් වැඩසටහන හරහායි.

මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන සිටින පිරිසට ලබා දීමට නියමිත අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කෙරෙනු ඇති.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට හෙට(01) කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේදීත්, අනිද්දා(02) බත්තරමුල්ල, දියත උයන සහ කොළඹ, විහාර මහා දේවී උද්‍යානයේදීත් දෙවන මාත්‍රාව ලබා ගැනීමට හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරේ.

මේ අතර අඛණ්ඩව 02 වැනි දිනටත් ඊයේ පන් ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබා දී තිබේ . රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ඊයේ(30) දිනය තුළ පන් ලක්ෂ දහතුන් දහස් අටසිය විසි දෙනෙකුට කොරෝනා මර්දන එන්නත ලබා දී ඇති බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us