හෙට සිට පළාත් සංචරණ සිමා ඉවත් කෙරේ !

Published in පුවත්
Saturday, 31 July 2021 12:51

රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එසේ වුවත් උදෑසන සහ සවස් කාලයේ පමණක් බස්රථ ධාවනයට අවසර ලබාදෙන බවය.

"හෙට සිට ම අවශ්‍ය දුම්රිය හා බස්රථ ප්‍රමාණය පළාත් අතර ධාවනය කරනවා. ඒකට හේතුව රජයේ සේවකයින්ට සඳුදා සිට රාජකාරියට වාර්තා කරන්න කියලා රජය කියලා තියෙනවා. ඒ අයට ප්‍රවාහන පහසුකම් අපි සපයන්න අවශ්‍යයි. ඒ නිසා සාමාන්‍ය පරිදි සිට හෙට උදේ සහ සවස්වරුවේ ධාවන කටයුතු ආරම්භ කරනවා. නමුත් මැද කාලසීමාවේ තියෙන ගමන්වාර අපි ධාවනය කරන්නේ නෑ. එයට හේතුව තමයි තවම සෞඛ්‍ය අංශවලින් දැනුම්දෙන පරිදි වසංගතයේ බරපතළ තත්ත්වයක් තියෙනවා. රාජකාරිවලට යන අයට ප්‍රවාහන පහසුකම් සපයන්න අවශ්‍ය නිසා මේක අපි ආරම්භ කරනවා. අපි ලංගමට කියලා තියෙනවා. අනිවාර්යෙන්ම සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. ආසන ගණනට පමණයි මගීන් ප්‍රවාහනය කළ හැක්කේ. ඒ සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ධාවනය කරන්න පුද්ගලික අංශයටත් අපි අනුමැතිය දෙනවා."

ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් සමඟ සංචරණ සීමා ද සඳුදා සිට ලිහිල්වීමට ඉඩ ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us