ගුරු වැටුප් ගැටළුව විසඳන්නේ ලබන අයවැයෙන් - කැබිනට් මණ්ඩලය තීරණය

Published in පුවත්
Tuesday, 27 July 2021 13:26

ගුරු - විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මීළඟ අයවැයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමතිවරු න් සහ ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දි පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26)රාත්‍රියේ සුම් තාක්ෂණය ඔස්සේ පැවති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ .

අගමැතිවරයා සහ ගුරු සංගම් අතර සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ,අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ ,උදය ගම්මන්පිල, ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය .

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබීය .

ගුරු ,ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංයුක්ත සේවා බවට පත් කිරීමටද එමඟින් යෝජනා කර තිබිණි.

මෙම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, මේ මොහොතේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇතැයි වාර්තා වේ .

ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us