රෝහල් ධාරිතාවය ඉක්මවා යයි..ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙයි..

Published in පුවත්
Tuesday, 27 July 2021 14:42

මේ දිනවල කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමත් සමග රෝහල් තුළ සැලසුම් කර තිබූ ඉඩකඩ බොහෝදුරට සම්පූර්ණ වී ඇති බව වාර්තා වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී පෙරට වඩා ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බවය.

"මේ දවස්වල හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතකයක් රෝග ලක්ෂණ සහිතව හමුවෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම වැඩි කොටසකට ඔක්සිජන් අවශ්‍යතාව වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ, අපි සැලසුම් කරලා තිබුණු ඉඩකඩ බොහෝදුරට සම්පූර්ණ වෙලා කියලා වාර්තා වෙනවා රෝහල් කිහිපයකම. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ගත් නියැඳිවලට අනුව ඩෙල්ටා ආසාදිතයින් 20% සිට 30% දක්වා ප්‍රතිශතයක තිබෙන බව වාර්තා වෙනවා. අනෙක් ප්‍රදේශවලත් අඩුවැඩි වශයෙන් මේ තත්ත්වය තිබෙන්න පුළුවන්."

මේ අතර රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ද සඳහන් කළේ මෙරට රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පසුගිය දින කිහිපයේදී නිරීක්ෂණය වූ බවය.

විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් එම තත්ත්වය වාර්තා වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දෙරණ

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us