ගෘහ සේවයට යෙදවිය හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළට !

Published in පුවත්
Wednesday, 28 July 2021 09:23

යම් පුද්ගලයෙකු සේවයට යෙදවීමේ හැකි වයස අවුරුදු 12 සිට 18 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සඳහා අදාළ නීති ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බව කී කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා වසර සියයකට වඩා පැරණි ගෘහසේවක ප‍්‍රජාව⁣ට අදාළ නීතිරීති ද වෙනස් කරමින්, ඔවුන්ගේ සුභසාධනය සඳහා නව නීති රීති ගෙන එන බව ද ප්‍රකාශ කර ඇත.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මේ බව ප‍්‍රකාශ කළේ කම්කරු අමාත්‍යාංශයේ ඊයේ (27) පැවැති ගෘහස්ථ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ පැවැති සාකච්ඡාවේදීය.

මේ අතර කොළඹ හා අනිකුත් ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සිටී නම් 0112433333 අංකයට දැනුමි දෙන ලෙසට පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
බාලවයස්කාර දරුවන් සේවයට යොදවන කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස ,ඇතුළු ස්ථාන සොයා විශේෂ මෙහෙයුමක් පොලිසිය ඊයේ සිට ආරම්භ කර ඇති අතර එම මෙහෙයුමට අමතරව මේ සඳහා ජනතාවගේ ද සහාය බලාපොරොත්තු මෙම අංකය හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 28 July 2021 09:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us