ගුරු ගැටලුව විසදන්න අගමැති විශේෂ සාකච්ඡාවක !

Published in පුවත්
Tuesday, 27 July 2021 12:05

ගුරු සංගම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මතා සමග ගුරු සංගම් නියෝජිතයින් මේ වනවට එම සාකච්ඡාවට සහභාගිවී සිටිනවා.

වැටුප් විෂමතා මුල්කර ගනිමින් ගුරු සංගම් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකර අදට දින 16 ක් සපිරෙනවා. වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ද සම්පූර්ණයෙන් ඉවත්වීමට ගුරුවරුන් ක්‍රියාකර තිබෙනවා. තම ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු සංගම් අඛණ්ඩව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. කෙසේ වෙතත් වැටුප් විෂමතාවලට අදාළව කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඊයේ දිනයේ ඉදිරිපත් කළ බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කළේ. මේ අතර ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාවට සහභාගිවීමට පෙර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා පැවැත්වූ බවයි.

ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කරුණු පැහැදිලි කළා.

-ITN

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us