නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

කොවිඩ් 19 වයිරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත උදා වූ නව වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට දෙන බවට එම සංවිධානය සහතික කළේ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

සතොස ආයතනය මඟින් අලෙවි කරන සෑම මුහුණු ආවරණයකින්ම ලැබෙන ආදායමෙන් රුපියලක මුදලක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.

කැළිකසළ ගැටලුවට තිත තැබීමේ අරමුණින් මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියක් යටතේ රුපියල් කෝටියක් දක්වා ණය මුදල් ලබා ගැනීමේ පහසුකම් අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

ld add copy

Connet With Us