පොලිස් නිලධාරීන්ටත් ආහාර දීමනාවක් !

Published in පුවත්
Friday, 09 July 2021 10:15

හමුදා නිලධාරීන්ට මෙන් පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අතර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී දැක්වූ තවත් අදහස් කිහිපයක් ,

‘‘අනූ දහසක් පමණ වන පොලිස් සේවයේ සාමාජිකයන් අතරින් යම් යම් නිලධාරීන් විනය විරෝධී කටයුතුවල නිරත වී ඇති බව නිරීක්ෂණය වෙනවා. එම පිරිස ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට එකකටත් අඩු සංඛ්‍යාවක්. මේ නිසා මුළුමහත් පොලිසියේම විනය පිරිහී ඇතැයි කවුරුන් හෝ ප්‍රකාශ කරනවා නම් එය සාධාරණ නැහැ. එම අතළොස්ස කරන වැරදි වැඩ ඉස්මතු කර හොඳ දේ යටපත් කරනවා නම් ඒක සාධාරණ නැහැ.’’
‘‘කොවිඩි 19 රෝගය නිවාරණය කිරීම සඳහා සහ එම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පොලිසියේ නිලධාරීන් විසි තුන් දහස් හත්සිය විස්සක් යොමු කර තිබෙනවා. නිලධාරීන් හයදහස් නවසිය එකොළහක් මෙම ආසාදිත තත්ත්වයට පත්ව තිබුණා. පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් පහක් ඇතුළු නිලධාරීන් දාහතර දෙනෙකු මේ වසංගතය පාලනය කිරීමේ රාජකාරී කරද්දී රෝගය ආසාදනය වීමෙන් ජීවිත පරිත්‍යාග කොට ඇත.

විනය කඩකරන නිලධාරීන් එකසිය හැට හතරකට 2020 වර්ෂයේදීත්, අනූ දෙදෙනෙකුට මෙම වර්ෂයේ මේ දක්වාත් චෝදනා එල්ල වී තිබේ. මත්ද්‍රව්‍ය වැරදි හතළිස් හතරකට 2020 වර්ෂයේදිත් 2021 මේ දක්වා 15කටද නීති පියවර අරන් තියෙනවා.

පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අනූ දහසකට ආසන්න ප්‍රමාණයකින් රාජකාරී කිරීමේදී එක අවුරුද්දක දී මත්ද්‍රව්‍ය වැරදිවලට නිලධාරීන් පනහකටත් අඩු ප්‍රමාණයක් හසුවී තිබේ. ස්ත්‍රී සහ ළමා අපචාර වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 2020 දී 18ක්ද, 2021 දී 09ක්ද හසුව ඇත.

‘‘පොලිසිය යනු විනය පිරිහී ගිය ආයතනයක් ලෙස හුවා දක්වනවා. පොලිසියට විරුද්ධව ගෙනෙන පැමිණිලි කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව සමහර මාධ්‍ය ආයතන ප්‍රචාරණය කරනවා. මේක මාධ්‍ය සදාචාරයට පටහැනියි.’’ යැයි ඇමැතිවරයා සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us