කුලී ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් !

Published in පුවත්
Friday, 09 July 2021 08:57

බස්නාහිර පළාත තුළ කුලී ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ළඟදීම ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ප්‍රකාශ කර තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ 2002 අංක 6 දරන මාර්ගස්ථ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සේවා ප්‍රඥප්තිය මේවන විට බලාත්මක කිරීම සඳහා ප්‍රඥප්ති කමිටුව වෙත ඉදිරිපත් කර මූලික කටයුතු අවසන් කර ඇති බවත් එය ගැසට් කිරීමෙන් පසුව අදාළ නියාමන කටයුතු ආරම්භ කරන බවත් සභාපතිවරයා පවසා ඇත.යි.

මේවන විට බස්නාහිර පළාත තුළ කුලී ත්‍රිරෝද රථ 3,52000කට අධික ප්‍රමාණයක් ධාවනයේ නිරත වන බවත් ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ ජීවන තත්ත්වය සුරක්‍ෂිත කිරීම, ඔවුන් ශක්තිමත් කිරීම සහ සාමාජීය ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමත් මෙමගින් සිදුකරන බවත් සභාපතිවරයා පවසා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us