වයස 30 ට වැඩි එන්නත්කරණය සැප්තැම්බරයට පෙර අවසන් කිරීමට තීරණයක් !

Published in පුවත්
Friday, 09 July 2021 14:57

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොවිඩ් පැතිරයාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබාදෙමින් ජූලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ජුලි 11 වනදා ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක්, ගම්පහට ලක්ෂ පහක් සහ කළුතරට ලක්ෂ තුනක් බැඟින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලුදෙනාට එන්නත්දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැඟින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක් වෙන්කර තිබේ.

මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබුණි.

"ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිතයි. ඉන් ලක්ෂ හයක් පළමු මාත්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කරනවා. ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙන්න", යනුවෙන් ජනාධිපතිවරයා උපදෙස් දුනි.

මේ වනවිට ලැබී ඇති ෆයිසර් එන්නත් මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්කවල ජනතාවටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිරයාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට බෙදාහැරීමට තීරණය කෙරිණ.

මේ අතර වයස අවුරුදු 12 -18 දරුවන්ටද එන්නත් ලබාදීමේ හැකියාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us