රජයේ ප්‍රතිපත්තියට අනුව දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක් මේ වන විට දිවයින පුරා ඇති බවත් 2019 වසරේදී එය 200 දක්වා වර්ධනය කරගැනීමට බලා‍පොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු - පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන බවත්, මෙය අප රටේ ආර්ථිකය සංවර්ධනයට හේතු වන බවත්, එම නිසාම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට (SMES) මේ සඳහා හවුල් වන ලෙසට දිරිමත් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අසාර්ථක බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙන ඇති තීරණය නැගෙනහිර පලාතේ මගී බස්රථ සම්බන්ධයෙන් තදින්ම ක්‍රියාත්මක කිරිමට පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය තවත් විදුලිබලාගාර දෙකක් සමග ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප සත පහකින් හෝ වැඩි කරන්නට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

තිරය ඉදිරියේ පෙළහරපානා නළු නිළියන් බොහෝ දෙනෙකු ගැන පුවත්පත් ලිපි පළවුණත් ඔවුන් හැඩකරන්නෝ පිළිබඳ ලියැවෙන්නෙ හුඟක් අඩුවෙන්. ඒ වගේම ඒ අය වැඩිය මාධ්‍යයට එන්නෙත් නැති තරම්. කෙසේ වෙතත් තිරපිටුපස සිටින උදවිය නිර්මාණයක් වෙනුවෙන් කරන කැපකිරීමත් සුළුපටු නැහැ. අප එක්කාසුකරගත්තා එවන් වූ නිර්මාණකරුවෙක්ව. ඔහු නමින් තිළිණ ලක්ෂාන් හෙට්ටිගමගේ. මේ දිනවල අතිසාර්ථකව තිරගතවන යශෝධරා චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය කළේ ඔහු.

“මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි වතිකානය අද (2දා) සඳහන් කළේය.

ld add copy

Connet With Us