ලිංගික අපයෝජනයට පොලඹවන සියලු වෙබ් අඩවි තහනමට !

Published in පුවත්
Tuesday, 06 July 2021 12:09

බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට පොලඹවන සියලු වෙබ් අඩවි කඩිනමින් තහනම් කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (5 වැනිදා) නියෝග කර තිබෙනවා.

අධිකරණය එලෙස නියෝග කර තිබුනේ කොවිඩ් වයිරසය හේතුවෙන් පාසල් දරුවන් නිවෙස්වල සිටිමින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ​ඉගෙනුම් කටයුතු කරන අතරතුරදී ඇතැම් සංවිධානාත්මක පිරිස් ඉතා සූක්ෂම ලෙස වෙබ් අඩවිවල දැන්වීම් පල කර ළමයින් ලිංගික අපයෝජනවලට පොලඹවා ගන්නා බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් බවයි සදහන් වන්නේ.

අවම වශයෙන් පාසල් ආරම්භ වනතුරුවත් එවැනි වෙබ් අඩවි තහනම් කරන්න යැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න වෙත දන්වා සිටියාය.

මෙවැනි වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වැළැක්වීමෙන් තොරව පැලැස්තර දැමීමෙන් පලක් නොවන බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල්​ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා, අදාළ වෙබ් අඩවිවල ලංකාවේ ඩොමේන් එක ගැලවිය යුතු බවද පෙන්වා දුන්නේය.

විශාල සමාජ ව්‍යවසනයක් වී තිබෙන, දරුවන් ලිංගික අපයෝජනයට පෙළඹවෙන සියලුම වෙබ් අඩවි පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් පුළුල් නියාමනයක් කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඒ පිළිබඳ වාර්තාවක් සකසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

මේ ඊයේ අසන්නට වූ ප්‍රවෘත්තියකි. කොහොම නමුත් ළමයින් ලිංගික ක්‍රියා සඳහා යොමුකරවා ගැනීම අලුත් දෙයක් නොවේ. ඒ ඒ කාලවල දී ඒ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් යොදාගැනුනි. අද ඉතා පහසුවෙන් අන්තර්ජාලය මේ සඳහා යොදාගැනීමේ පහසු හැකියාවක් තිබේ. මේ අතර පසුගිය මාස 18 ක කාලය තුළ ළමා අපයෝජන 12,165 ක් පිළිබඳ පැමිණිලි තම ආයතනයට ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. මෙලෙස පැමිණිළි නොලබන තවත් සිදුවීම් දහස් ගන්නක් තිබිය හැකිය. මේ අනුව අද රටේ ළමා පරපුර මුහුණ දී තිබෙන ගැටළුව බරපතල කරුණකි.

කොහොම නමුත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙන්ම පොලිසිය, අධිකරණය සමස්ත ශ්‍රී ලාංකේය ළමා පරපුර සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමේ අභියෝගාත්මක මෙහෙවරෙහි නිරතව සිටී.

දැයේ දරුවන් සියලු ම ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා අධිකාරිය විසින් වැඩසටහන් රැසක් වර්තමානය වන විට ක්‍රියාත්මක කරතිබේ. කෙසේ නමුත් දරුවන් අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරගැනීමට නම් අපයෝජකයා ඔවුන්ට ප‍්‍රවේශ වන මාර්ග අහුරා දැමිය යුතුමය.

සන්නිවේදනයේ නිම් වළලු පුළුල්වීමත් සමඟ අන්තර්ජාලයද ජනතාවට ක‍්‍රමිකව සමීප වීම හරහා දරුවන් ලිංගික හා මානසික අපයෝජනයට ලක්කිරීමට උත්සහ ගැනීම වර්තමානය වන විට ප‍්‍රබල ලෙස උත්සන්නව පවතින ගැටලුවක් හෙයින් ඒ පිළිබඳ අවධානය යොමුකර දැයේ දරුවන් ආරක්ෂා කරගැනීමට සියලු දෙනා එකාවන්ව පෙළ ගැසීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

මේ වැලැක්වීම වෙනුවෙන් නිතීරීති රැසක් ක්‍රියාත්මකව තිබේ. මේවායේ පුළුල් බව, ප්‍රමාණවත්බව ගැන ගැටළු තිබුණත් දැනට පතින තත්වයන් මෙලෙසය.

2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනතේ 360 (ඉ) වගන්තියට අනුව ලිංගිකව අපයෝජනය කිරීමේ කාර්යය සඳහා ළමයෙකු පොළඹවාගැනීමට ඇවිටිලි කරන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව අවුරුදු 10කට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයක් නැතහොත් එම දඬුවම් දෙකම ලබා දිය හැක.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනතේ 286 (අ) වන වගන්තියට අනුව ළමයින්ට අදාළව අසභ්‍ය පළකිරීම් හා ප‍්‍රදර්ශන ආදිය සිදුකරන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව අවුරුදු 2 කට නොඅඩු හා අවුරුදු 10ක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් සිදු කළ හැක. තවද එම තැනැත්තාට දඩ මුදලක්ද ගෙවීමට සිදුවේ.

අන්තර්ජාලය තුළ පවතින Face Book වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ළමයින්ව අපයෝජනය කරන හා අපයෝජනය සඳහා පොළඹවන තැනැත්තන්ට එරෙහිව ඉහත පනත් 02 කට අදාළව ඉහත පරිදි දඬුවම් නියම කළ හැක.

කෙසේවෙතත් දිනෙන් දින ඉහල යන ළමා අපයෝජන වළක්වාලීමේ පළමු පියවර ලෙස දරුවන් අපයෝජනයට පොලඹවන වෙබ් අඩවි සියල්ල තහනම් කිරීමට අධිකරණයේ නියෝග මත අදාළ අංශයන් කටයුතු කරමින් සිටි. එය පවතින රජය විසින් රටේ අනාගතය වන දරුවන් සුරක්ෂිත කිරීමේ සාධනීය පියවරක් ලෙස සැලකිය හැකිය.

අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාරියන් ඇතුළු තරුණියන් විකුණන වෙබ් අඩවි ජාවාරම්කරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය වෙනමම විමර්ශන අරඹා ඇත.

ඒ කෙසේ නමුත් නීති රීතිවලින් පමණක් මේ තත්වයන් වැලැක්විය හැකි නොවේ. මේ සඳහා වැඩිහිටි පරපුරේ දැඩි අවධානය අපේ දරුවන් කෙරෙහි යොමුවීම අනිවාර්ය වේ. පාසල් මට්ටමෙන් දරුවන් මේ පිළිබඳ දැනුවත් කිරීම් මෙන්ම මාපියන්ගේ සොයාබැලීම්ද නිරන්තරයෙන් විය යුතුය. දරුවන් රැකගැනීම පිළිබඳ සමාජ ආකල්පයන් වර්ධනය කළ යුතුව තිබේ. දරුවන් කියන්නේ ජාතික සම්පතක්, ජාතික වත්කමක් ලෙස සලකා අනාගනය වෙනුවෙන් අප ඔවුන් රැකබලා ගත යුතුය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us