බැසිල්ට එන්න ජයන්ත අයින් වෙයි !

Published in පුවත්
Tuesday, 06 July 2021 12:23

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (06) ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ලැබීය.
ජයන්ත කැටගොඩ මහතා වසර 2000දී පළමුව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුව එම පාර්ලිමේන්තුව විසුරුවා හැර වසර 2001දී පැවති මැතිවරණයේදීද පාර්ලිමේන්තුවට තේරී පත්විය.
අනතුරුව ඔහුට 2011 වසරේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිවූ අතර ඉන් පසු වසර 2020දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. එතුමා ඉල්ලා අස්වන තෙක් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයද දැරූ අතර 09 වන පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

මේ අතර ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් වන පුරප්පාඩුවට බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිත බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහත පවසා සිටී. ඒ අනුව එළඹෙන 8 වෙනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඔහුට මුදල් හා ආර්ථික සංවර්ධන ඇමැතිධුරය හිමි වන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us