වැඩියෙන් මුදල් අච්චු ගැසූවා කියා උද්ධමනය ඉහළ යාමක් සිදුවන්නේ නැහැ - නිවාඩ් කබ්රාල්

Published in පුවත්
Tuesday, 06 July 2021 14:32

රටේ පවතින තත්ත්වය මත ඉල්ලුම වැඩිවී නැති නිසා ආණ්ඩුව වැඩියෙන් මුදල් අච්චු ගැසූ බවත් ඒ හේතුවෙන් උද්ධමනය ඉහළ යාමක් සිදු වන්නේ නැති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (05 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබදව අමාත්‍ය කබ්රාල් දැක්වූ අදහස් ,

''කොවිඩ් වසංගතය නිසා 2020 දී අපට දින හැට හයක් අහිමි වුණා. මේ ලොක්ඩවුන් කාලෙදි අපට හැකි වුණා ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය අසූ තුනක් ආපසු ලබා ගැනීමට. මිලියන එකසිය තිහක් මේ වසරෙදි දැනටමත් ලබා ගෙන තියෙනවා. අපේ රටේ ශ්‍රේණිය තව අදියර දෙකකින් අඩු වුණා. ඒ ගැන සෑහෙන්න සැලකිලිමත් විය යුතුයි. රටේ ණය ශ්‍රේණිය යළි වැඩිකර ගත යුතුයි. එය අසීරු වුවත් ඊට ළඟාවිය යුතුයි. පොලී අනුපාතිකය අඩු කළ නිසා ජනතාවට විශාල සහනයක් ලැබුණා. බදු අඩු කිරීම නිසා වුණේ දුෂ්කරතාවට මුහුණ දී සිටි ජනතාවට යළි නැගී සිටීමට උත්තේජනයක් ලබා දිමයි. ඒ උත්තේජනය අප සිතූ ආකාරයට ලැබුණේ නැත්තේ කොවිඩ් වසංගතය නිසා මුළු ආර්ථිකයම පීඩාවට පත්ව තිබීමයි. එසේ සිදු නොවුණා නම් ලොකු පිබිදීමක් ඇති වෙනවා. අපි එය නොකර සිටියා නම් අපේ ව්‍යාපාර අද මොන වගේ තත්ත්වයක තියෙයිද. බොහෝ කල්පනාකාරීව එය කළ නිසා අද මේ ව්‍යාපාරවලට හිස ඔසවන්න පුළුවන් වී තිබෙනවා. ණය ගෙවීම සඳහා සහනයක් ලබා දීම මගින් පළමු අදියරේදී රුපියල් බිලියන හාර දහසක සහනයක් ලැබුණා. ගනුදෙනුකරුවන් මිලියන 1.5 ක පමණ ප්‍රමාණයකට ඒ සහනය ලැබුණා. ඉන්පසු තවත් බිලියන දහසක තවත් සහනනයක් ලබා දුන්නා. ලැබී ඇති ඉල්ලීම් අනූව තව දුරටත් මෙය වැඩි කිරීම සඳහා අප සලකා බලමින් සිටිනවා.

2021 පළමු මාස හයේදී අපට ලබා ගන්නට තිබූ සියයට පනහක රජයේ ආදායම ලැබී තිබෙන්නේ සියයට තිස් හතරක් පමණයි. අපි හිතුවට වඩා රජයේ ආදායම අඩුවී තිබෙනවා. ඊට මූලික හේතුව රට වැසීම. එනිසා රජයට බොහෝ ආදායම් මාර්ග අහිමිවී තිබෙනවා. එනිසා යළි රට විවෘත කළ පසුව එම මුදල් අපට ලැබේවි කියන පුරෝකථනය සියලු විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.
මේ මස අවසන් වෙද්දී අපට ඇමරිකානු ඩොලර් බිලියන එකක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට සිදු වෙනවා. ඩොලර් බිලියන එකක් අපට වැය වුණත් ඒ බැඳුම්කරවල ශ්‍රී ලාංකිකයන් ආයෝජනය කර ඇති ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන තුන්සීයක් පමණ වන නිසා එම මිලියන තුන්සියය නැවත වරක් රටට ගලා එන නිසා ශුද්ධ වශයෙන් රටින් පිටතට යන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන හත්සියයක් පමණ වෙනවා. එනිසා මෙය ගැටලුවක් නොවන ලෙස අපට ගෙවිය හැකි බව මා ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා. 2022 වසරේදීත් අපි මෙය ගෙවනවා. කිසි කෙනෙක් කලබල විය යුතු නැහැ. ඒ සඳහා අප පිළියම් යොදා තිබෙනවා. යම් කිසි අභියෝගයක් තිබුණත් අප ඊට මුහුණ දෙමින් සිටිනවා.

ජීඑස්පී සහනය නැති වුණොත් අපට ප්‍රශ්න මතුවෙයි කියනවා. කොන්දේසි විසි හතකට එකඟ නොවූ නිසා 2010 දීත් ඔවුන් ඒ සහනය ඉවත් කළා. ඒ නිසා රට බරපතළ පීඩනයකට ලක් වේවි කිවවා.'' යනුවෙන් සදහන් කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us