1 සිට 13 ශ්‍රේණි සඳහා අධ්‍යාපන වැඩසටහන් ඇතුළත් රූපවාහිනී නාලිකා 20ක් !

Published in පුවත්
Tuesday, 06 July 2021 18:44

1 සිට 13 ශ්‍රේණි සඳහා අධ්‍යාපන වැඩසටහන් ඇතුළත් රූපවාහිනී නාලිකා 20ක් ස්ථාපනය කීරීමට රජය සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක්ට පිළිතුරු දෙමින්ය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පාසල් දරුවන්ට රූපවාහිනිය මගින් නොමිලේ අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සහ ඒ් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි.
ඒ් අනුව, උසස් පෙළ විෂය ධාරාවන් සඳහා තාක්ෂණික, ජීව විද්‍යාව, ගණිතය සහ කලා විෂය ධාරාවන්ට වෙන්වූ නාලිකා 4ක් ස්ථාපනය කරන බව වැවිලි අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට විෂය මාලාව හා සම්බන්ධ පටිගත කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us