සීනි කිලෝවක් රු. 120ට වඩා අඩු මිලකට !

Published in පුවත්
Tuesday, 06 July 2021 11:49

වෙළෙඳ පොළේ සීනි මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා සීනි කිලෝවක් රුපියල් 120 කට වඩා අඩු මිලකට දිවයිනේ සියලුම සමුපකාර සමිති හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර ප්‍රකාශ කර තිබෙනවා.

ලංකා සීනි සමාගම සතොස ආයතනය හරහා සීනි කිලෝවක් රුපියල් 115 කට අලෙවි කෙරෙන නමුත්, වෙළෙඳ පොළේ සීනි කිලෝවක් රුපියල් 145 ත් 150 ත් අතර මිලකට අලෙවි කෙරෙන බවද ඇමැතිවරයා එහිදී සදහන් කර ඇත. ලංකා සීනි සමාගම ලාභ ලබන ආයතනයක් බැවින් එම ලාභයෙන් කොටසක් පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වෙළෙදපොළේ හිතූ හිතූ මිල ගණන්වලට සීනි විකිණීම පාලනය කිරීම සඳහා සතොස සහ සමුපකාර සමිති හරහා අඩු මිලට සීනි සපයන බවත්, තොග වශයෙන් සීනි අලෙවි නොකරන ලෙසත්, පාරිභෝගිකයෙකුට උපරිම කිලෝග්‍රෑම් දෙකක් අලෙවි කරන ලෙස සතොස සහ සමුපකාර සමිතිවලට දැනුම් දී ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us