රට පළතුරු ආනයනයට මාස 6කදී කෝටි තුන්සිය අටකට වැඩි මුදලක් වැයවේ !

Published in පුවත්
Tuesday, 06 July 2021 08:51

ඇපල්, මිදි සහ පෙයාර්ස් ආනයනය වෙනුවෙන් ගෙවුණු මාස හයේ දී පමණක් රුපියල් කෝටි තුන්සිය අටකට අධික මුදලක් (රුපියල් 308,021,613,1ක්) වැය වී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබෙනවා.

ඇපල් කිලෝග්‍රෑම් අසූපන් ලක්ෂ තිස් දෙදහස් හයසිය හැත්තෑවක් ආනයනය කර තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් එකසිය අසූ හතර කෝටි අනූ හතර ලක්ෂ හතළිස් තුන්දහස් හතළිස් තුනක් වැය කර ඇත.

මිදි ආනයනය සඳහා වැය කර ඇති මුදල එකසිය දහඅට කෝටි දාහතර ලක්ෂ තිස්හත්දහස් නවසිය විසි අටක් වෙයි. ආනයනය කර ඇති මිදි ප්‍රමාණය කිලෝග්‍රෑම් විසිපන් ලක්ෂ අසූ අටදහස් පන්සිය හැත්තෑ හතකි. පෙයාර්ස් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑ දහස් අටසිය පනස් හතරක් ආනයනය කර තිබෙන අතර ඒ සඳහා රුපියල් හාරකෝටි අනූ තුන්ලක්ෂ තිස්පන්දහස් එකසිය හැටක් වැය කර ඇත.

මෙතරම් මුදල් ප්‍රමාණයක් වැය කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා කාලය සඳහා බව රේගු දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් අනාවරණය වෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us