පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකියි - ජනපති

Published in පුවත්
Monday, 05 July 2021 22:31

ගොවියාටත්, පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකිය.

එමඟින් විවෘත ආර්ථිකය සමඟ කඩා වැටුණු සමූපකාර ව්‍යාපාරය නඟා සිටුවීමටත් ආපදා අවස්ථාවකදී විශාල සමාජයීය කාර්යභාරයක් ඉටු කිරීමටත් හැකියාව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ලොව පුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබේ. ඒ නිමිත්තෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය" අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.
ලෝකයේ රටවල් රැසක නිෂ්පාදන බෙදාහැරීමේ ජනහිතකාමී යාන්ත්‍රණයක් ලෙස සමූපකාරය ක්‍රියාකරයි. පොදු ජන හිතකාමී ආණ්ඩුවක් පැවති සෑම අවස්ථාවකදීම මෙරට සමූපකාර ව්‍යාපාරය ද ශක්තිමත්ව පැවතිණ. ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්ම තුළ සමූපකාරය ශක්තිමත් කිරීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ නව වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බව ජනාධිපතිතුමා සඳහන්
කර තිබේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අමාත්‍යවරු උත්සව සභාව අමතමින් දීර්ඝ කාලයක සිට ග්‍රාමීය සහ නාගරික ජනතාව වෙනුවෙන් සමූපකාර ව්‍යාපාරය කළ මෙහෙවර ඇගයීමට ලක් කළහ.
විවිධ සේවා, නිෂ්පාදන, සණස සහ ආයතනික සණස සමිති අතර කාර්යසාධන ඇගයීමෙන් ඉහළම ලකුණු අත්කරගත් සමූපකාර සමිති 21ක් වෙත රන් සම්මාන ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිද කෙරුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us