පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් වත්මන් රජයට සම්බන්ධ වී ඇමැති තනතුරු ලබා ගත්තත් ඔවුන් කීප දෙනකුට විරුද්ධව පොලිස්‌ දෙපාර්තමේන්තුව ලැබුණු පැමිණිලි අනුව පරීක්‍ෂණ කටයුතු අත් නොහරින බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

රජයට රුපියල් මිලියන 619ක බදු මුදලක් අහිමි කළ බවට මොහාන් පීරිස් මහතාට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගයට සහභාගිවීමට තමන් අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාත් ඩෙප් මහතා සහ ඊවා වනසුන්දර මහත්මිය ඊයේ (23) ප්‍රකාශ කළහ.

අඹගමුව ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාසයට අයත් නොර්වුඩ් වෙන්චෙර්ස් වතු යායේ ගැබිණි මාතාවන් 130 දෙනෙකුට පාර්භෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරනු ලැබීය.

අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ බාල සොහොයුරා වන රංජිත් දිසානායක මහතා හඟුරන්කෙත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. 

සියළු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැංවීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

වසර හතරකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අද (23) සිට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන රටවල ස්ථිර පදිංචිය ලබාතිබෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට තත්ත්වයෙන් බාල සැපයුම් ලබාගත් බවට එල්ල වු චෝදනා සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයට ඉදිරිපත් වු එහි හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මිය ඇප මත මුදාහැර අැත.

ජූනි මාසයේ අගදී මහ මැතිවරණය පවත්වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us