ශ්‍රී ලංකා පොලිසියට ත්‍රීරෝද රථ 2000ක් ප්‍රදානය කෙරේ !

Published in පුවත්
Friday, 02 July 2021 09:29

ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කාර්ය සඳහා අවශ්‍යව පැවැති ත්‍රීරෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සෑම පොලිස් ස්ථානයකට ම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් මෙම ත්‍රීරෝද රථ පොලිස් ස්ථාන වෙත බෙදා දීම සිදුකෙරේ.
මෙහි දී සංකේතාත්මකව මීගොඩ, ගොතටුව, යක්කල, බෙම්මුල්ල, පල්ලෙවෙල, මිහිජය සෙවණ, කුරුඳුවත්ත, එගොඩඋයන සහ මත්තෙගොඩ යන පොලිස් ස්ථාන සඳහා ත්‍රීරෝද රථ ප්‍රදානය කර තිබේ.

මෙම ත්‍රීරෝද රථ අදාළ පොලිස් ස්ථානවල අපරාධ වැළැක්වීම හා විමර්ශනය, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා අවශ්‍යතාව අනුව යෙදවීම, ළමා හා කාන්තා කාර්යංශය හා දූෂණ මර්දන අංශයේ රාජකාරී සඳහා යොදා ගැනීම, බුද්ධි කොට්ඨාශවල ආවේශන රාජකාරි සහ සිවිල් රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂිත ය.
ග්‍රාමීය ප්‍රදේශවලට කඩිනමින් ළඟා වීමේ පහසුව මත පොලිසිය සහ මහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කරමින් ප්‍රජා පොලිස් සංකල්පය ප්‍රවර්ධනය කිරීම ද මෙම වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වේ. තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රීරෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබේ.

-පංචාලි අබේසේකර

3vii13vill23vii3

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us